පුංචි තිරයේ සහ සිනමාව තුළ ජනප්‍රිය චරිතයක් වන සමනලී ෆොන්සේකා පසුගිය දිනවල කතාබහට ලක් නොවූ නිළියක ලෙස හැඳින්විය හැකිය. ඇය මේ දිනවල වැඩි වශයෙන් සිනමාවේ සහ පුංචි තිරය තුළ දක්නට නොලැබුන එක ඒ සඳහා හේතුවක් ලෙස කිව හැක. කෙසේ නමුත් සමනලී ෆොන්සේකා මේ දිනවල ඉතාමත් කාර්යය බහුල ජීවිතයක් ගත කරන බවයි අප සමග පැවසුවාය.
"මම රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් එළිදැක්වීමට නියමිතයි. තුෂාරි අබේසේකරගේ ටෙලි නාට්‍යයක් විකාශනය වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' චිත්‍රපට රූගත කිරීම් අවසන් කළා. තවත් විශේෂ කාරණාවක් වන්නෙ මම රංගනයෙන් දායක වූ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය, 'ප්‍රේමය නම්' සහ 'නිම්නයක හුදෙකලාව' යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චානුක කුලසේකර