සමනල වැව සෑහෙන්න පිරේ


මීට මාස හතරකට පෙර සම්පූර්ණයෙන්ම සිඳීගිය සමනල වැවේ ජලමට්ටම මීටර් 448.8 දක්වා ඉහළ ගොස් ඇත. වැවේ පෝෂක කලාප වන වලවේ ගඟ, බෙලිහුල්ඔය, හිරිකටුඔය හා දෙනගම්ඔය ප්‍රදේශවලට  ඇද හැළුණු වැසිත් සමග වැවේ ජලමට්ටම ඉහළ ගියේය. මෙහි පිටාර මට්ටම මීටර් 455කි. 1999 සහ 2006 සමනල වැව සම්පූර්ණයෙන්ම පිරුණ බව වාර් මාර්ග ඉංජිනේරුවෝ පවසති.