(රංජිත් රාජපක්ෂ)
නල්ලතන්නිය සමනල ස්භාවික රක්ෂිතයේ ඊයේ (23) දින පස්වරුවේ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවත්, ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ඉල්ලා ඇති බව හැටන් වන අඩවි ආරක්ෂක වි.ජේ.රුක්ෂාන් මහතා පැවසිය.
නල්ලතන්නිය වාලමලෙයි වත්ත ප්‍රදේශයෙන්ඊ යේ පස්වරුවේ හටගත් ගින්න ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමග කදු මුදුණ දක්වා සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත්, ගින්න පාලනය කිරිමට තම කාර්යාලයේ නිලධාරින් සහ යුධ හමුදා භට පිරිස් එක්ව පියවර ගනිමින් සිටින බවද වන අඩවි ආරක්ෂකවරයා පැවසිය.
පැතිර යමින් පවතින ගින්න පාලනය කිරිමට නොහැකි වුවහොත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය ලබා ගැනිමට කටයුතු කරන බවද වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා පැවසිය.
කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට නල්ලතන්නිය පොලිසිය සැකකරයි.
මෙසේ රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය හෝ තම කාර්යාලය දැනුවත් කරන ලෙසට වන අඩවි ආරක්ෂක නිලධාරින් ඉල්ලා සිටියි.