සමතයකට කැමති බව රූපවාහිනී සේවකයෝ කියති


රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල,අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ හා ජීඩී සුගතපාල යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩු හතරක් සමත වනවාදැයි ලබන 13 වැනි දා වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පැමිණිලිකරුවන්ට සහ විත්තිකරුවන්ට නියෝග කළේය. 

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ නඩුව සමතයකට පත්වීමට කැමති බව පැමිණිලි පාර්ශ්වය දැන්වූ අවස්ථාවේදීය.

ජනාධිපතිවරණ සමයේදී අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු කළ බව කියන රූපවාහීනි සංස්ථාවේ ‍සේවකයින් සිව් දෙනකුට පහර දුන්නැයි ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.