සිව් අවුරුදු සම සෞඛ්‍ය විද්‍යා උපාධිය වසර තුනක් දක්වා අඩු කිරීමට එරෙහිව සති කිහිපයක් තිස්සේ කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට සම සෞඛ්‍ය උපාධි අපේක්ෂකයන් පවත්වන අඛණ්ඩ උපවාසයට සහය දක්වන බව ගුරු සංගම් නායකයෝ කියති.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහත්වරුන් කියනුයේ හැකි ඉක්මණින් මෙම ගැටළුවට විසඳුම් ලබා දීමට රජය ඉදිරිපත් විය යුතු බවයි.

