ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතාට පහරදීම හෙළා දකිමින් කිරිබත්ගොඩ රෝහල ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹිණි.
ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවන් පිරිසක් පහර දෙන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
රජයේ ප්‍රබල ඇමැතිවරයකු පිළිගැනීම සඳහා උත්වයක් සංවිධානය කළ පිරිසක් අතර දළුගමදී ඇතිවූ ගැටුමකින් පසු කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
තවත් දේශාපලකයකුගේ ආධාකරුවන් පිරිසක් හා සභාපතිවරයාගේ පිරිස අතර ගැටුමක්ද ඇතිවිය.