සභාපති හිමියෝ බොදු බලෙන් යති


බොදු බල සේනා සංවිධානයේ සභාපති ධූරයෙන් තමන්වහන්සේ ඉවත් වූ බව තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ නිර්මාතෘ දෙහිවල, නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියෝ පවසති.

ශාසනික සේවාව හා බෞද්ධ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යාමට මිස දේශපාලනයේ නිරතවීමට තමන්වහන්සේට කිසිදු උවමනාවක් නැති බව ඒ හිමියෝ පැවසූහ

ආරම්භයේදී බොදු බල සේනාව සිදුකළ බෞද්ධ ආගමික සේවාවන් වත්මනෙහි දක්නට නොලැබෙන බවත් එකල බොදු බල සේනාවෙන් වූ සේවාවන් ගැන තෘප්තිමත් වන බවත් උන්වහන්සේ කීහ.

මින් ඉදිරියට බොදු බල‍සේනා සංවිධානය හෝ කුමන සංවිධානයකටවත් සම්බන්ධ නොවන බවද විමලජෝති හිමියෝ පැවසූහ.