සභාපති වෙන්න ගිය අයට වෙඩි


(කේ බුද්ධික කුමාරසිරි, ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම නැමැති අයකුට වල්පිට ගැමුණු මාවතදී අද (05) දින උදෑසන සිදුක කළ වෙඩි තැබීමකින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට ඇතුලු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති බව සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

රෝහල් ගත කල පුද්ගලයා ගේ අතක් තුවාල සිදුව ඇතැයි ඔහුගේ තත්වය බරපතල නොවන බවද හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

වෙඩි පහරට ලක් වූ පුද්ගලයා මෙයට පෙර සමුපකාර රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් සහ මීගොඩ පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිළධාරීන් පරීක්ෂණ පැවැත්විය.