සභාපති පිළිගනියි : සේවකයෝ හූ කියති


එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද ඛණිජතෙල් සංස්ථාවට ගොස් එහි වැඩ බලන සභාපති එස් සමරසේකර සමඟ සාකච්ඡා පැවැත්වූහ. ඉන්ධන පිරිපහදුවේ ගැටළුවක් ඇත්දැයි බැලීමට එයි යා යුතු බව දැන්වූ විට සභාපති කීවේ එහි ගියහොත් ගැටළුවක් ඇති වීමට ඉඩ ඇති බවයි.

සභාපති සමග සාකච්ඡා කර මන්ත්‍රීවරු පිරිස බස් රථයෙන් ගොස් පිරිපහදුව අසලින් බසිද්දීම එහි සේවකයෝ හූ තැබූහ.

විවිධ විරෝධතා පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිපහදු  සේවකයෝ ගේට්ටු වසාගෙන උද්ඝෝෂණය කළහ. ඒ නිසා මන්ත්‍රීවරුනට තෙල් පිරිපහදුව බැලීමට යෑමට නොහැකි වූ අතර මිනිත්තු 45ක් පමණ පාරේ සිටි මන්ත්‍රීවරු නැවත පිටව ගියහ.  

12

13 14 15 16 17 18