සබරගමුවේ පහක් බාරවෙති


ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ගේ සත්‍යග‍්‍රහ අට්ටාටාලයට ප‍්‍රහාරය එල්ල කළැයි කියන ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍ර ඇතුළු පස්දෙනෙක් බළන්ගොඩ පොලිසියට බාරවිය.

ඉකුත් 10 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් සත්‍යග‍්‍රහයේ යෙදී සිටියදී කඩු පොලූ රැගෙන අට්ටාලය ගිනිබත් කර සිසුන්ටද පහරදී ප‍්‍රදේශයේ වෙළඳසලකට හා එහිවූ පුද්ගලයෙකුටත් තී‍්‍රරෝද රථ දෙකකටද පහර දුන් බව කියති.