ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ 15 වැනි උපාධි ප්‍රදානෝත්සවය අදයි. කෘෂි විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, කළමනාකරණ, සමාජයීය විද්‍යා හා දියතලාව යුද හමුදා පිඨයන්හි 900 ආසන්න පිරිසක් උපාධිය ලබති. සබරගමුව විශ්ව විද්‍යාලයයේ ප්‍රථම උපකුලපති මහාචාර්ය දයානන්ද සෝමසුන්දර, විද්‍යානිධි මහාචාර්ය එස්.ඒ. කුලසුරිය මහත්වරු ද මහාචාර්ය මොහාන් මුණසිංහ ද සම්මාන ආචාර උපාධි ලබති.
කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන්, උපකුලපති මහාචාර්ය මහින්ද එස් රූපසිංහ මහතා අභිමුඛයේදී උපාධි උළෙල පැවැත්වේ. විශේෂ කුසලතාවයන් දැක් වු 16 දෙනෙක් මෙදින රන්පදක්කම් ලැබූහ. පීඨ 5ක සිසුහු 900කට ආසන්න පිරිසකගෙන් 28 දෙනෙක් ප්‍රථම පන්තියේ උපාධිය ද 122 දෙනෙක් දෙවනපෙළ ඉහළ සමාර්ථයද ලැබූහ.