සබරගමුවටත් වැස්සෙන් විපත්


ගොඩකවෙළ සහ රක්වාන ප්‍රදේශ හරහා හමාගිය තද සුළඟින් ගස් කඩා වැටීම නිසා නිවාස 50කට පමණ හානී සිදුව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. විදුලි බලය ද බිඳ වැටී ඇත. කළු ගගේ හා රත් ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා රත්නපුරයේ පහත් බිම් හා මාර්ග ද ජලයෙන් යටවී තිබේ.