සබරගමුව සරසවියේ සිසුන් 20 ක් පිීසීආර් පරීක්ෂණයට


 (ලසන්ත නිරෝෂණ පෙරේරා සහ  වයි.ඒ.එස්.වීරවංශ )

සබරගමු විශ්ව විද්‍යලයේ සිසුන් විසිදෙනෙකු පි.සි.ආර්.පරික්ෂණ සදහා යොමු කිරිමට   සෞඛ්‍ය බලධාරීන් අද( 05) තීරණය කර ඇති අතර එතෙක් එම සිසුන් වෙනම රඳවා තිබේ .

මෙම සිසුන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව  සෞඛ්‍ය අංශ පවසයි.

මෙම සිසුන් නිරෝධායනයට ලක් කර නැති අතර කොව්ඩ් 19 ආසාදිත බවට තහවුරු කරගැනිමට ජෙව සාම්පල ලබාගැනිමට නියමිත බව බෙළිහුල්ඔය මහජන සෞඛ්‍ය පරික්ෂක ලාලිත කුමාරසිංහ මහතා පැවසීය .

මේ සම්බන්ධව කළ ව්මසුමකදි සබරගමු විශ්ව විද්‍යලයේ උපකුලපතිවරයා  පැවසුවේ  සෞඛ්‍ය අංශ කළ දැනුවත් කිරිමක් අනුව එම සිසුන් වෙනම රදවා තබා ඇති බවත් මෙය නිරෝධායනයක් නොවෙනබවත්ය.          

දිවුලපිටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලකින් බලන්ගොඩ පබහින්න  මුත්තෙට්ටුවෙගම ට පැමිණි තරුණියක් නිවාඩු අවසන්ව නැවත එම කර්මාන්ත ශාලාවට ගොස් ඇති බවත් එම සිද්ධිය ගැනද සොයා බලන බව  සෞඛ්‍ය අංශ පවසයි .

මේ වන විට කොරෝනා ආසාදිත බවට හදුනාගත් කාන්තාව සේවය කළ ඇගලුම් කම්හලේම ඇය සේවය කර ඇතැයි  සෞඛ්‍ය අංශ පවසයි .