සබරගමුව සරසවිය තව දෙසතියකට වැසේ




නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතු සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අවුරුදු නිවාඩුව සති දෙකකින් දීර්ඝ කළ බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය මහින්ද එස්. රූබසිංහ පවසයි.
මෙම 17දා විශ්වවිද්‍යාලය පටන් ගැනීමට නියමිතව තිබුනද මැයි 6දා තෙක් නිවාඩුව දීර්ඝ කළ බව උපකුලපතිවරයා කීය.
සබරගමුව විශ්වවිද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීම මේ 22 වනදා සිට ඇරඹේ. එම කාලය තුළදී ජ්‍යෙෂ්ඨ සිසුන්ට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම තහනම් කර තිබේ.
විශ්වවි්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තහනම් කිරීම සහ එහි සිසුන් හය දෙනකුට පන්ති තහනම් කිරීම නිසා පසුගිය දිනවල විශ්වවිද්‍යාලයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.