සබරගමුව සයිබර් අවකාශය ගැන කියා දෙයි


(සමන් ගමගේ  සබරගමුවේ සිට) -  සබරගමුව පළාත් රාජ්‍ය සේවකයින්ගේ සියළුම පුහුණු අවශ්‍යතා  සපුරාලීම සඳහා අන්තර්ජාල ගත පරිගණක වැඩසටහනක් හඳුන්වා දී ඇත. සබරගමුව පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් පවත්වනු ලබන සියළුම පුහුණු වැඩසටහන් පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම , ඔවුන්ගේ අයඳුම් පත් ලබාගැනීම, පුහුණු වැඩමුළු සඳහා නිලධාරීන් කැඳවීම ආදි කටයතු මෙම අන්තර්ජාලගත පරිගණක වැඩසටහන හරහා ක්‍රියාත්මක වේ. මේ වන විට සබරගමුව පළාත් සභාවට අයත් සියළුම ආයතන මෙම පරිගණක වැඩසටහන හා සක්‍රියව සම්බන්ධ වි ඇත.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිම නිසා පුහුණු වැඩමුළු සඳහා නිලධාරීන්ගේ සහභාගීත්වය 95‍%ට වඩා ඉහළ මට්ටමක පවතී. www.sgmdtu.lk වෙබ් අඩවිය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. සබරගමුව පළාත් ආණ්ඩුකාර ප්‍රධාන  අමාත්‍ය  සහ ප්‍රධාන ලේකම්තුමන්ගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ නියෝජ්‍ය  ප්‍රධාන ලේකම්(පිරිස් හා පුහුණු) විසින් මෙය ක්‍රියාවට නංවනු ලබයි. පුහුණු වැඩමුළු පැවැත්විමට අදාල සියළුම කටයුතු අන්තර්ජාලය හරහා සිදු කෙරෙයි.

මෙම පරිගණක වැඩසටහන පළාත් සභාවේ නිලධාරීන් විසින් නිර්මාණය කර ඇති නිසා රජයේ  මුදල් වැය වි නැත.