සබරගමු විශ්ව විද්‍යාලයේ පන්ති තහනම් කළ ශිෂ්‍යයන් පස් දෙනාට විභාගය අයිතිය ඉල්ලා සිසුහු අද සත්‍යග්‍රහයක් ඇරැඹූහ.
උප කුලපති මාහාචාර්ය මහින්ද රූපසිංහ මහතා සමග පැවති සාකච්ඡාව ආසර්ථ වූ බවත්, තමාට තනි තීරණයක් ගත නොහැකි බව උප කුලපති පැවසූ බවත් ශිෂ්‍ය එකමුතුවේ ප්‍රකාශකයෙක් කියයි.
මාස කිහිපයකට පෙර එහි හිෂ්‍ය සංගම් තහනම් කැරිණි. සිසුන් ඊට එරෙහිව පන්ති වර්ජනයක් ඇරැඹූ නමුත් විභාග වලට පෙනී සිටීම නිසා එය නතර කළ බව ද කියති.
සරසවි විභාගය ලබන 27 වැනිදා ඇරැඹීමට නියමිතය.