සබරගමු විශ්ව විද්‍යාල සිසුහු සරසවි පාලකයනට එරෙහිව මුලින්ම සරසවි බිමේත් විරෝධය දක්වා ඉන්පසුව පඹහින්න අසලට පැමිණ බලංගොඩ බදුල්ල පාරේ උද්ඝෝෂණය කළහ.
සිසු සංවිධාන පහක තහනම ඉවත් කර, සරසවි බිම තහනම් කළ සිසුනට යළි එහි ඇතුළු වීමට ඉඩ දෙන ලෙස ද ඔවුහු ඉල්ලති.
මේ තහනම පැණවුනේ මීට දින පහළොවකට පමණ කලිනි.
මහා ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සියලු සිසුහු පන්ති වර්ජනයක් ද ඇරැඹූහ.