සබරගමු සිසුහු මොනරාගල උණුසුම් කරති


සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මොනරාගල නගරයේ ප්‍රචාරක වැඩපිළිවෙළකට එක්වී ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්.රත්නවීර මහතා කියයි. ඔවුන් අද නගරයේ පවත්වන්නට යන උද්ඝෝෂණයටද ඔහු විරෝධය පළකර ඇත. ඒ සඳහා එල්ලා තිබූ කටවුට් ආදිය ඔහු විසින් කඩා බිඳ දමන ලදැයි සිසුහු කියති. දෙපාර්ශවය අතර ගැටුමක් වැළැක්වීම සඳහා පොලිසිය මැදිහත්වී සිටිති. නගරයේ තත්ත්වය උණුසුම් අතට හැරී ඇත.

මැතිවරණ නිලධරයකුද ජවිපෙ අපේක්ෂකයන් තිදෙනකුට අනියමින් සහය දෙතියි ප්‍රාදේශීය සභාපති චෝදනා කරයි. එම නිලධරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.