සබරගමු සිසුහු දේශන වරති


සබරගමු විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් තහනම හා සිසු නායකයන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුහු අඟහරුවාදා සවස සිට දේශන වර්ජන කරති. තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයකුගේ පන්ති අඟහරුවාදා තහනම් කැරිණි. මේ ගැන විමසීමට උපකුලපති මහාචාර්ය මහින්ද රූපසිංහ සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය. උපකුලපතිගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල බලධරයන්ගේ රැස්වීමක් පැවැත්වීම ඊට හේතුවයි.