බෙලිහුල්ඔය සබරගමු සරසවියේ සිසුහු අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. විභාග තහනම් කළ සිසු නායකයන් පස් දෙනාට විභාග අයිතිය ඉල්ලා සිසුන් පිරිසක් පෙර දින ඇරැඹූ උපවාසයට සහයෝගය දක්වමින් මේ උද්ඝෝෂණය පැවැත්විණි.
උපවාසය කරනුයේ උප කුලපති කාර්යාලයය ඉදිරිපිට අට්ටාලයකය.
දින කිහිපයක් වසා තිබූ උප කුලපති කාර්යාලය අද විවෘත විය.