උද්ඝෝෂණයේ නිරතවූ සබරගමු විශ්වවිද්‍යාල සිසුන් පලවාහැරීම සඳහා මීට සුළු වේලාවකට පෙර පොලීසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. සිසුන් හය දෙනකු ද අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි. මාරාන්තික උපවාසයේ නිරතවූ සිසුන් හතරදෙනාගෙන් දෙදෙනකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව බදුල්ල බලංගොඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිසුහු අද පඹහින්න හන්දියේ උද්ඝෝෂණයක් ඇරඹූහ. මේ හේතුවෙන් පැය කිහිපයක් වාහන ගමනාගමනය ඇණ හිට තිබිණි. වාහන ධාවනය සඳහා එක් මං තීරුවක් ඉඩදෙන ලෙස කරන ලද ඉල්ලීමට සිසුන් එකඟ නොවීම හේතුවෙන් ඔවුන් පලවාහැරීමට අවම බලය යෙදවීමට සිදුවූ බව ද පොලීසිය කියයි.