සබරගමු සිසුන්ට ඇප


සබරගමු සරසවි සිසුන් හා පොලීසිය අතර පඹහින්න මහාමාර්ගයේ දී ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කළ සිසුන් දහ දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප මත මුදා හරින ලෙස බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් දේශබන්දු සූරිය පටබැඳි මහතා නියෝග කළේය.

සිසුනට විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන්නැයි නීතීඥ හංසනී විජේවර්ධන මහත්මිය උසාවියෙන් ඉල්ලා සිටියාය.

ජූනි හතර වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරිණි.

උපවාසයෙන් පසු රෝහල් ගත කළ සිසුහු අදත් එහි සිටියහ.