තම ආරක්ෂාව නැතැයි කියමින් බෙලිහුල්ඔය සබරගමු විශ්ව විද්‍යාලයයේ සිසුහු මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ අතර එහි කාන්තා නේවාසිකාගාරයකට බාහිර පුද්ගලයකු ඇතුළු වියැයි පසුගිය අගහරුවාදා රාත්‍රියේ කළ දැන්වීම අනුව එහි ගිය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක හා කාන්තා හා පිරිමි අධ්‍යයයන ශාලාධිපතිවරුන් ඉදිරියේ අශෝබන ලෙස හැසිරෙමින් තර්ජනය කර පහර දීමට උත්සාහ කළැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම් යු සුමිත් මහතා කියයි.
‘ අපට හු කිව්වා මගේ කමිසෙනුත් ඇද්දා උදව්වට ගිය අපට තර්ජනය කළා. සිසුන්ගේ ඒ හැසීරීම පිළිකුල් සහගතයි කළකිරීමක්ද ඇති වෙනවා.‘
සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශකයකු පැවසුයේ නේවාසිකාගාර අනාරක්ෂිත බව දිගින් දිගටම පෙන්වා දුන්නද පරිපාලනය මුනිවත රකින බවයි.
‘2011 දි සිසුවකු විදුලි සැර වැදී මිය ගියා.පසුගිය 31 වැනිදා බිත්තියක් කඩා වැටුනා. හතර වතාවක්ම සොරුන් නේවාසිකාගාරයට පැන්නා ‘

