සබරගමු සරසවියේ පන්ති තහනම් කළ සිසු නායකයන්ගේ විභාග අයිතිය පතා උපවාස කළ සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනකු රෝහල් ගත කිරීමෙන් පසු සරසවි සිසුහු අද බදුල්ල බලංගොඩ ප්‍රධාන මාර්ගයේ පඹහින්න හන්දියේ වාඩිවී සිය උද්ඝෝෂණය පුළුල් කළහ.
රෝහල් ගත කළ සිසුන් දෙදෙනාට පැනවූ විභාග තහනම දිගටම පැනවීමට සරසවි පාලකයෝ පෙර දින තීන්දු කළහ.