සබරගමු ලෙඩේ වැඩිවේ


හදිසියේ වසා දැමුණු සබබරගමු විශ්වවිද්‍යාලයයේ රැඳී සිටින සිසුන්ට වහාම විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් සහ නේවාසිකාගාරවලින් ඉවත්වන්නැයි අද නැවත දැනුම්දුන් බව ප්‍රකාශකයෙක් කියයි. ඔවුන් ඉවත් නොවන්නේනම් නේවාසිකාගාරවල සපයා ඇති ජල පහසුකම් කපා හැරීමට සිදුවන බවද ඔහු කියයි.

‘‘සිංහරාජ” පිරිමි නේවාසිකාගාරයට ශිෂ්‍යාවන් පැමිණීම නිසා එහි සිටි ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පොදු ගොඩනැගිලිවල නැවතී පරිපාලනයට බාධා කරතැයිද එම ප්‍රකාශකයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ පැවසුවේ අද දහවල් වන විට ‘‘සිංහරාජ” පිරිමි නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් ඉන් ඉවත්වූ බවයි. ඒ නිසා දැන් එම නේවාසිකාගාරයේ සිටින්නේ ශිෂ්‍යයින් බවත් පවසමින් පොලිසිය ගෙන්වා ශිෂ්‍යයින් මර්දනය කරන්නට සැරසෙන බව ඔහු කියයි.