සබරගමු සිසුන් තම යෝජනා ප්‍රතික්ෂේප කිරීම නිසා විශ්ව විද්‍යාලයේ අර්බුදය විසඳීම සඳහා පාලනාධිකාරිය හා සිසුන් අතර මැදිහත්කරුවකු වීමෙන් ඉවත්වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කියයි.
ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ලේකම් ආචාර්ය කේ.පී.එල්. නිශාන්ත මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 3000 ක් පමණ වූ සිසුන්ගේ අනාගතය අඳුරට හෙළමින් සිසු පිරිස විසඳුම් යෝජනාවලිය ප්‍රතික්ෂේප කළ බවයි.
ශිෂ්‍ය සභා නැවත පිහිටුවීම, සරසවිය තුළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සහ ශිෂ්‍යභාවය අහෝසිවූ සිසුන් 8 දෙනකුගේ ශිෂ්‍ය භාවය නැවත ලබාගැනීම යන කරුණු 3 ක් මුල් කරගනිමින් සිසුන් සත්‍යග්‍රහය ඇරඹූ අතර ඒවාට විසඳුම් ලෙස යෝජනාවලියක් පාලනාධිකාරිය ඉදිරිපත් කර තිබිණි.

