සබරගමු විශ්ව විද්‍යාලයයේ සිසුන් සිව් දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම වළක්වාලමින් නිකුත් කැර ඇති අතුරු නියෝගය මේ මස 18 වැනි දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ඊ එම් එම් පී ඒකනායක,ටී එච් එන් චින්තක,එච් එම් ඩී ගුණසේකර හා එම් එල් ඩී එස් කුමාර යන සිසුන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කැර තිබු රීට් පෙත්සම සලකා බැලු අවස්තාවේදී මෙම නියෝගය නිකුත් කැරිණි.
එස් ශ්‍රී ස්කන්ධරාජා සහ මාලනී ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සළකා බැලිණි.