(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලිසිය කියයි.
විශ්ව විද්‍යාලය තුළ පැවති නවකවදය දරා ගත නොහැකිව ගම්පොළ ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ චරිත් දිල්ෂාන් නමැති 23 හැවිරිදි සිසුවා ඉකුත් 29 වෙනි දින නිවස පිටුපස දි ගෙල වැළලාගෙන දිවි නසාගෙනන තිබිණි.
විශ්ව විද්‍යාලයේ ඉකුත් 27 වෙනි දින අවුරුදු උත්සවය පැවැත්වෙන අතරතුරදී ඔහුට දරා ගත නොහැකි ලෙස නවක වදයට ලක්කර තිබූ බව මව්පියන් ඥාතීහු හා මිතුරෝ චෝදනා කළහ.
එම සිද්ධියක් සමඟම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබිණි.