
(ගයාන් සූරිය ආරච්චි)
සපුගස්කන්ද ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා බියවද්දා රුපියල් දෙකෝටි දහඅට ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කහතුඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44 ක පුද්ගලයෙකි.
සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී කොල්ලකන ලද රන් භාණ්ඩ විකුණා ලබාගත් රුපියල් 1,345,000/= ක මුදලක්, අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන 02 ක් ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

