සපුගස්කන්ද කතාව බොරු


සපුගස්කන්ද තෙල් පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමට යනවායැයි ඇතැමුන් කරන ප‍්‍රකාශ වල කිසිදු සත්‍යතාවක් නැතැයි ශී‍්‍රලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඛනිජතෙල් නොමැති කමින් වැඩකටයුතු ඇනහිට පැවතියද දැන් පිරිපහදුවේ වැඩකටයුතු යළි ආරම්භ කර ඇති බව සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක සුසන්ත ද සිල්වා මහතා සදහන් කළේය.

සදහන් වන ආකාරයට ශ‍්‍රීලංකාවට පැමිණීමට නියමිතව තිබූ තෙල් නැවක ප‍්‍රමාදය නිසාවෙන් පිරිපහදුවේ වැඩකටයුතු ඇනහිට තිබුණි.කෙසේ වුවත් පිරිපහදුවට වඩාත්ම ගැළපෙන්නේ ඉරානයෙන් ලැබෙන ඛනිජ තෙල් බව පවසන අධ්‍යක්ෂකවරයා එරටට එරෙහිව ඇමරිකාව පනවා ඇති සම්බාධක නිසාවෙන් ඉරානයෙන් ඛනිජ තෙල් ලබාගැනීම ගැටලූවක්ව ඇතැයිද පවසයි.මෙනිසා ඉදිරියේදී වෙනත් රටවලින් ලබාගැන්නා ඛනිජ තෙල් පිරිපහදුවට යෙදීමට සිදුවුවහොත් යම් යම් නොගැලපීම් නිසා පිරිපහදුවේ කි‍්‍රයාකාරීත්වය පෙර මෙන් සිදුනොවනු ඇති බවද ඔහු කියයි.