සපත්තු දෙකේ හැබෑ කතාව ඇමති කියයි


චීන ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ගාලු මුවදොර පැවති උත්සවයට ගෙදර තිබූ පරණ සපත්තු දෙකක් පැළඳගෙන ගිය බවත් එහි අඩි දෙකම මඟදී ගැලවුණු බවත් සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක මහතා කියයි.

‘‘ඒ සපත්තු දෙක සුදුපාටයි. මගේ ඇඳුමට ගැළපෙන නිසා එය දමාගත්තා. හැබැයි කලෙකින් පාවිච්චි කළේ නැහැ එය පරණ සපත්තු දෙකක් මගදී අඩි ගැලවුණා ඉතින් උත්සවයටත් යන්න ඕනනේ. චීන ජනාධිපතිතුමාට අතට අත දීම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා මම එහෙමම ගියා. අපි ගමේ මිනිස්සු. පොළවෙ අඩිය ගහල ඉන්න මිනිස්සු. සපත්තු දෙකට වෙච්චි දේ ගැන මම හිතුවේ නෑ. ඒ පින්තූර පළවී තිබුණා. ඔහොම දේවල් සිද්ධ වෙනවා. ”

fca004gossiplankanews

http://www.lankadeepa.lk/index.php/articles/263556