අනුරාධපුරයේ ඉදිකරමින් පවතින සඳ හිරු සෑයේ සර්වඥ ධාතු නිදන්කිරීම ලබන 23 දා සිදුකිරීමට නියමිතය. වරින් වර අනුරාධපුරයට ඇදහැලෙන මහ වැසි නොතකා දාගැබේ ඉදිකිරීම් දැන් ලහි ලහියේ සිදුවෙමින් පවතී. අඩක් නිමවී ඇති දාගැබ දැක බලා ගැනීමට බැතිමත්හු විශාල වශයෙන් එහි පැමිණෙති. සඳහිරු සෑය ඉදිකළ පසු එය සලපතල මළුවේ සිට උස අඩි 279ක් උසැතිය. උසින් සඳ හිරු සෑය දෙවැනි වන්නේ අඩි 299ක් උසැති රුවන්වැලි සෑයට පමණි.









