සඳ මත පා තැබූ 11 වැනියා මෙන්ම අවසන් පුද්ගලයා ලෙස ද සැළකෙන ජෙන් සර්නන් මහතා සදුදා (17) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 82 වැනි වියේ පසු විය. සර්නන් ඇමෙරිකාවේ නාවික හමුදා නිලධාරියෙක් ද, ගගනගාමියෙක් ද, ඉංජිනේරුවෙක් ද විය.
අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවේ කපිතාන්වරයකු ලෙස කටයුතු කළ ඔහු ගගණගාමියකු ලෙස තෙවරක් අභ්‍යවකාෂය තරණය කර තිබේ. අභ්‍යවකාෂය තරණය කළ දෙවැනි ඇමෙරිකා ජාතිකයා ද මෙන්ම අභ්‍යවකාෂය තරණය කළ ලෝකයේ තෙවැනියා ද ජෙන් සර්නන් ය. ඔහුට පෙර අභ්‍යාවකාශය තරණය කළේ රුසියා ජාතිකයකු වන ඇලෙක්සි ලියෝනෝව් සහ ඇමෙරිකා ජාතිකයකු වන එඩ් වයිට් ය.
ජෙන් සර්නන් 1963 වසරේ දී නාසා ආයතනයට තුන් වැනි කණ්ඩායම යටතේ තෝරා ගත් 14 දෙනාගෙන් කෙනෙකි.
නියමුවකු ලෙස 1966 වසරේ ජූනි මාසයේ දී පළමු වරට අභ්‍යාවකාශයට ගිය ඔහු පැය දෙකයි මිනිත්තු හතක් ජෙමිනි 9ඒ අභ්‍යවකාශ යානයෙන් පිටත රැඳී සිටියේය.
1969 මැයි මාසයේ දී ඇපලෝ 10 අභ්‍යවකාශ යානයෙන් ඔහු දෙවැනි වරටත් අභ්‍යවකාශය තරණය කළේය. ගේන් තෙවැනි වර අභ්‍යවකාශය තරණය කළේ ඇපලෝ 17 යානයේ අණ දෙන්නා ලෙස 1972 දෙසැම්බර් මාසයේ දී ය.

