සනීගේ පුතත් සිනමාවට එන ලකුණු


2016-10-05-ent-06

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සනී ඩියොල්ගේ පුත් කරන් ඩියොල්ද බොලිවුඩ් සිනමාවට පිවිසීමේ සූදානමක් ඇති බව ඔහුගේ පියා වූ සනී ඩියොල් ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය සමග පවසා ඇත. ඉදිරියේදී තමාගේම නිෂ්පාදනය වන ක්‍රියාදාම චිත්‍රපටයක් හරහා කරන් ඩියොල් බොලිවුඩ් සිනමාවට පිවිසෙන බව සඳහන් කර තිබේ.

දැනට වාර්තා වන තොරතුරුවලට අනුව සනිගේ මෙම ක්‍රියාදාම චිත්‍රපටය නම් කොට ඇත්තේ Pal Pal Dil Ke Paas නමිනි. මෙහි රූපගත කිරීම් කටයුතු ඔක්තෝබර් අවසන් සතියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, චිත්‍රපටය ලබන වසරේ මැද භාගයේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ. කරන් සිං මෙහි ප්‍රධාන නළු චරිතයට තෝරා ගෙන ඇති අතර, තවමත් මෙහි සෙසු චරිත පිළිබඳව මාධ්‍යය දැනුවත් නොකර තිබෙන බවද තොරතුරු ලැබේ.

 

2016-10-05-ent-07
2016-10-05-ent-08