සන්ධානයේ මැයි රැලි දෙකක් : මහින්ද එකකටවත් නෑ?


එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා වසර 11 කට පසුව පළමුවරට මැයි දින දෙකක් පැවැත්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සන්ධාන සගයන් කිරුළපන ඇතුළත්මුදලි පිටියේද සන්ධානයේ සෙසු කණ්ඩායම් කොළඹ හයිඩ් පිටියේද මැයි දිනය පැවැත්වීමට යන නමුත් මහින්ද රාජපක්ෂ ඒ එකකටවත් නොයන බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සන්ධානය එක්වී එකට මැයි දින රැළියක් පවත්වමුයි මෛත්‍රිපාල ජනපති කළ ඇරියුමට මහින්ද රාජපක්ෂගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.