රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළදී මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග නොතකා අසරණ ජනතාවට අල්ලස් ලබා දෙමින් සිටින බවට සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ජනාධිපතිවරණ පොදු අපේකෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළහ.
විධායක ජනාධිපති ක්‍රමය හා 17වැනි සංශෝධනය අහෝසිකර සාධාරණත්වයෙන් පිරි සමාජයක් වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම එක් ප්‍රධාන අරමුණකි. ජනමතය වෙනස් කිරීම සදහා සිල්රෙදි බෙදා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරයි. රට බෙදන ජාතික කුමන්ත්‍රණයකට එක්ව කටයුතු කරන බව මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරයි. මෙලෙස ජාතිවාදය ඉස්මතු කරමින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් තුළින් ජනමතය වෙනස් කිරීමට උත්සහ දරයි.
මෛත්‍රීපාල සිරිසේන සමග ත්‍රස්තවාදීන් එක්ව කටයුතු කරන බව ඔවුන් ආණ්ඩු පක්ෂයෙන් මතුකරන තවත් එක් අසත්‍යය ප්‍රචාරයකි. හිමිවරුන් 35 දෙනෙකු ඝාතනයකර කරුණා අම්මාන් වැනි පුදිගලයින්ට උප ඇමතිකම් පවා පිරිනැමීමට රාජපක්ෂ මහතා කටයතු කළේය. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ජාතිවාදය ඇතිකිරීමට කටයුතු නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට අවධාරණය කළයුතුය. සමස්ථ ජනතාවට අවශ්‍ය වන්නේ සාමකාමී මැතිවරණයකි. පසුගිය 2 වැනිදා පැල්මඩුල්ලේ දී පැවති ජනරැලියකදී මෛත්‍රීපාල සිරිසේන මහතාට මැරප්‍රහාර එල්ල කිරීම වැනි කටයුතු සිදුකෙරුණා. අද සිල් රෙදි පරිත්‍යාග කිරීම ඊට හාත්පසින්ම වෙනස් උපහාසාත්මක ක්‍රියාවකි.

