සන්ධාන මැයි රැලිය කැම්බල් පිටියේ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය අද පස්වරුවේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ දී පැවැත්විණි.

‘මව්බිම රැකගනිමු-නිදහස සුරකිමු‘ යන්න මෙවර සන්ධානයේ තේමාව විය.

කොළඹ නෙළුම් පොකුණ මාවතෙන් ඇරැඹි පෙළපාළිය කන්නන්ගර මාවත, ඇස්වාට්ටුව හංදිය, ඩීන්ස් පාර, මරදාන, පුංචි බොරැල්ල හා බේස්ලයින් පාර ඔස්සේ කැම්බල් පිටියට ළඟා විය.