සන්ධාන මන්ත්‍රී කෙනෙකුත් වෙලේසුදා සමඟ කුඩු කාලා


මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙළේසුදා   සමග මුදල් හා දේපළ හුවමාරු සිදුකර ඇති බවට  තොරතුරු හෙළි වූ  බව කියන  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, හිටපු පොලිස්පතිවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු හා සැරයන්වරයකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි   අජිත් රෝහණ මහතා  අද (22) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

වෙළේසුදා  නැමැත්තා ගේ  ප්‍රකාශ මත  ඔහු සමග සම්බන්ධකම් පැවැත් වූ බවට සදහන්  වන  පුද්ගලයින් හය දෙනකුගෙන් ප්‍රකාශක  සටහන් කරගෙන ඇති බවත් ඒ ප්‍රකාශ අනුව ඉහත පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව ඇති බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක   සදහන් කළේය.

මෙම පිරිසෙන් උප පොලිස් පරීක්ෂකවරයකු හා සැරයන්වරයා දැනට පොලිස් සේවයේ නැතැයි ද ඔහු කීවේය.

මොවුන් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒවා තහවුරු කරගෙන  අදාල පුද්ලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවද  ඒ මහතා ප්‍රකාශ කළේය.

  වෙළේ සුදා නැමැත්තා මත්ද්‍රවට ජාවාමට අමතර  ත්‍රස්ථවාදී ක්‍රියාවලට හා  මිනිස් ජාවාම් වලටද  සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒ සම්බ්නධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පැවසේ.