සන්ධාන ප්‍රා මන්ත්‍රී මෛත්‍රී සහායට


එක්සත් ජනතා නිදහස් සන්ධාන මුලටියන ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුසන්ත ඩයස් දහනායක මහතා අද (03) විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.

මාතර අකුරැස්ස නගරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළේය.