සන්ධාන ප්‍රා මන්ත්‍රී මාර්ග සේවකයකුට ගහයි


සන්ධානයේ හබරාදූව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු මාකුඹුර යක්කලමුල්ල පාර අලුත්වැඩියා කරමින් සිටි සේවකයකුට බැන වැදී පහරදුන්නැයි පොලිසියට පැමිණිලි කර ඇත.

මන්ත්‍රීවරයා පැමිණි වාහනය නතර කිරීම ගැන උරණවී පහර දෙන්නට ඇතැයිද ඒ සිද්ධියෙන් පසු සියලු සේවකයන් වැඩ නවතා වර්ජනයක් ඇරඹූ බවද කියයි.