සන්ධාන නව මහලේකම් මහින්ද අමරවීර


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි කියයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

අභාවප්‍රාප්ත වූ මහාචාර්ය විශ්වා වර්ණපාල ගෙන් පුරප්පාඩුවූ තනතුර සඳහා අමරවීර මහතා එසේ පත් කරනු ලැබ සිටී.

මේ අතර සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා එහි උප සභාපති ධූරයට පත් කර ඇත.