සන්ධාන ජාතික ලැයිස්තුවට එරෙහි පෙත්සම ජූනියට කල් යයි


එක්සත් ජනතා නිදහස් සන්ධනයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත‍්‍රීවරුන්ගේ ධූර බලරහිත කරන ලෙස ඉල්ලා මහජන එක්සත් පෙරමුණු උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි ගොනු කළ ඡන්ද පෙත්සම ජුනි 29 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය.

පෙත්සම සලකා බැලීම කල් දමන ලෙස වගඋත්තරකාර පාර්ශවයේ නීතීඥවරුන් කළ ඉල්ලීමකට අවසර දෙමින් මෙලෙස පෙත්සම කල් තැබිණි.

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා ඉදිරියේ පෙත්සම කැඳවිණි.

මැතිවරණ කොමසාරිස්, සන්ධානයේ හිටපු ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එම සන්ධානයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත‍්‍රීවරුන්, නීතිපතිවරයා ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.