නිට්ටඹුව හතරමං හන්දියේ අනවසරයෙන් සවිකර තිබූ දැවැන්ත ඡන්ද පුවරුවක් ඉවත් කළ ගම්පහ දිසාපති කාර්යාලයේ නිලධරයන් දෙදෙනකු හා එය ගැලවූ පිරිස නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ ආධාරකරුවන් විසින් බලෙන් රඳවාගෙන සිටිතියි නගරවැසියෝ කියති. එම කටවුට් පුවරුවෙන් දැක්වෙනුයේ ජනපති රුවයි.
සන්නද්ධ පොලිස් පිරිසක්ද එහි සිටින නමුත් රජයේ නිලධරයන් දේශපාලනඥයන් ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට නොහැකිවී ඇතැයි දැන ගන්නට ඇත.

