සන්ධ්‍යා එක්නැලිගොඩට මහ උසාවියෙන් අවසරයක්


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ බිරියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට මැදිහත් පාර්ශ්වයක් ලෙස සහභාගී වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද එක්නැලිගොඩ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අවසර දුන්නේය.

ප්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ නලීන් පෙරේරා යන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව කැඳැවිණි.