( තිළිණි ද සිල්වා)
ඇමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් හිමි කර ගෙන ඇතැයි මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.
ඇමෙරිකා ජනපති බිරිය මෙලානියා ට‍්‍රම්ප් අතින් අද(29) වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හිමි සම්මානය පිරිනැමූ බව එම තානාපති කාර්යාලය කීවේය. ඇයට අමතරව ලොව පුරා තවත් කාන්තාවන් 13 දෙනකු ඒ සඳහා තෝරාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප‍්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදන් වූ අය වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුව විසින් ඇයට මෙම සම්මානය ලබා දී ඇතැයි ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.


