දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දිය යුතු බව කියමින් කඩා වැදුණු පිරිසේ පහරට ලක්වීමෙන් සුළු තුවාල ලැබූ කිහිප දෙනකු රෝහල් ගත කිරීමට නොහැකිව සිටින බව විශ්ව විද්‍යාල සිසුහු කියති.
විරෝධතාකරුවන් පිවිසුම් දොරටුව හා ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන සිටින බව ද ඔවහු පවසති.
නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය, දකුණු පළාත් මන්ත්‍රීන් වන සරත්ද අල්විස් සහ අරුණ ගුණරත්න මහත්වරු ද විරෝධතාකරුවන් සමග එක්වූහ.
ඔවුන් කීවේ දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දෙන තෙක් තමන් ද විරෝධතාකරුවනට සහාය දෙන බවයි.

