සධීර සමරවික‍්‍රමගෙන් අගනා ශතකයක්


සධීර සමරවික‍්‍රමගේ අගනා ශතකය නිසා අනන්ද විදුහල සහ ශාන්ත ජෝසප් විදුහල අතර ශාන්ත ජෝසප් විදුහල් ක‍්‍රීඩා පිටියේදී පැවැති කි‍්‍රකට් තරගය ජය පැරදුමේන් තොරව අවසන් විය. එම තරගයේදි ආනන්ද පිලේ නායක පසිදු මධුෂාන් කඩුලූ 100 කඩඉම පසුකර යැමට සමත් විය. ශාන්ත ජෝෂප් කඩුලූ 9 දැවි 257 (එස්. ජයතිලක 56, සචිත් හේවාවසම් 54, යෂාන් සමරසිංහ 38, එස්. සමරවික‍්‍රම 36, විදුෂ ජයසිංහ 22, පී. පෙරේරා 22, පැතුම් මදුෂන්ක 15, පසිදු මධුෂාන් 55/3, වෙනුර අෂාන් 88/3)    දෙවන ඉනිම කඩුලූ 6 දැවි 197 සදීර සමරවික‍්‍රම 104, විදුෂ ජයසින්හ 33, සචිත් හේවාවසම් 26, ටිරාන් විජේසුරිය 46/3, පසිදු මධුෂාන් 59/2) අනන්ද 182 (ගිෂාන් විමලධර්ම 80, එස්. සමරසිංහ 23, තුෂාර සමරකොන් 22,  පී. පෙරේරා 49/5, යෂාන් සමරසිංහ 23/2).