සදුන් හොරා පොලිස් මුදලාලිගේ දැලේ


මුලටියන වීරසිංහ වත්ෙත් රුපියල් අසූ ලක්ෂයක් වටිනා රත් හදුන් ගසක් බලෙන් කපාගෙන ගිය දෙදෙනකු මාස එක හමාරකට පසුව හක්මනදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මුරකරු  බැඳ දමා මැයි 20 වැනිදා මේ ගස කපාගෙන ගොස් ඇත.

කැබලිකල මෙම කඳ රුපියල් ලක්ෂ 38කට විකිණීමට යද්දී බෙලිඅත්තේ පදිංචිකරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත්,පොලිස් නිලධාරියකු මුදලාලි වෙසින් ගොස් වැටලීම කළ බවත් පොලිසිය පවසයි.

රත් හදුන් කිලෝවක් රුපියල් 3000කට අාසන්න මුදලකට අළෙවි වේ.

මේ අතර පොහොර මලු වල සඟවා සුදු හදුන් කිලෝ 106 ක් ප්‍රවාහනය  කරමින් සිටි  දෙදෙනකු  සැකපිට අත්අඩංගුවට ගත් බව  වැලිමඩ පොලීසිය කියයි.