සද්ධාතිස්ස නාහිමි ගුණ සැමරේ


ශ්‍රී ලංකාවෙන් පිටත නිර්මල බුදුදහම ප්‍රචලිතකරවීමේ උදාර කර්තව්‍යය සඳහා සිය පැවිදි ජීවිතයෙන් වැඩිකාලයක් මිඩංගුකළ උත්තම සංඝ පීතෘ වරයාණන් වහන්සේ නමක් වූ අපවත්වීවදාළ හම්මලව ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ගේ ගුණ සමුදාය සිහිපත්කිරීමේ 23 වැනිපින්කම පසුගිය සති අන්තයේදී ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්සජාත්‍යන්තර බෞද්ධ  මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

සද්ධාතිස්සවීහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුසාශකත්වයෙන්සහ විහාරස්ථ දායක කාරකාදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු පිංකමසර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාවකින් සහ පසුදින මහා සංඝ රත්නය උදෙසාපිරිනැමුණ දානයකින් යුක්තවිය.

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධවිහාරාධිපති බෝගොඩ සීලවිමල, ප්‍රංශයේ ජේතවන විහාරාධිපති ආචාර්යමුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි ඇතුළු විසි නමක් පමණ මහාසංඝරත්නය සඳහාවැඩම කළහ.

පිරිත් දේශණ ආරම්භයේ අනුශාසනාකළ ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන් පැවසුවේ මීට වසර 87කට පෙර ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන් ප්‍රථම වතාවට ලන්ඩන් නුවර ථෙරවාදී බෞද්ධවිහාරස්ථානයක් ආරම්භකළ අවදියේම කුලියාපිටියේ හම්මලව ගමේ උපතලද පින්වත්දරුවකු පසු කලෙක එම විහාරස්ථානයේම විහාරාධිපති තනතුර හෙබවීමට තරම් භාග්‍යවන්ත වූ බවයි. 

ඒ සම්මලව සද්ධාතිස්ස නාහිමියෝය. ලන්ඩන්නුවර සද්ධාතිස්ස ජාත්‍යන්තර  බෞද්ධ මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ සද්ධාතිස්ස නාහිමියන්ගෙන් ශාසනයට සිදුවූ අනුපමේය සේවාව සිහිපත් වීම උදෙසාය.

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සහ එම කාර්යාලයේ චමින්ද කුලරත්න,සේරම් මහත්මිය සහ හිටපු මහා කොමසාරිස් චන්ද්‍රා මොනරවල ඇතුළු පිරිසක් පිංකමට ආහ.අලංකාර පිරිත් මණ්ඩපය ජයරත්න බණ්ඩාරගේ නිර්මාණයකි.