ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ රාජගිරිය සදහම් සෙවණ අසපුවේ අද (20) උදේ මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්විණි.
පෙරවරු 10.30ට නියමිත එම උත්සවය ඊට දෙපැයකට පෙර පැවැත්වීමට තීරණය කළේ ප්‍රභූවරයකු ඒමට නියමිතව සිටි නිසා යැයි රතන හිමියෝ කීහ.
එහෙත් විශේෂ අමුත්තා නොපැමිණෙන බව පෙනෙන්නට ඇතැයි කී රතන හිමියෝ මුල්ගල තබන ලෙස කථානායක කරු ජයසූරිය මහතාට ඇරයුම් කළේය.
යළි නිවේදනයකින් කියවුණේ පරක්කු වූ විශේෂ අමුත්තා උත්සවයට සහභාගි වීමට පිටත්වූ බවයි. උත්සවයේ වැඩ යළිත් නතර කැරිණි. ඒත් අමුත්තා පැමිණියේ නැත. පසුව මුල්ගලද තැබිණි. මුල්ගල් තැබීමේ උත්සවයට ආ පිරිස්ද විසිර ගියහ.
උත්සවයේ විස්තර ප්‍රචාරය කළ නිවේදකයා ප්‍රචාරය කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන බවයි. හිමි නමක් ඔහු ළඟට අවුත් කනට කොඳුරන විට ඔහු තමාට වූ අත්වැරැද්ද නිවැරදි කරගත්තේය.
අභාවප්‍රාප්තවූ ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අවමගුල් කටයුතු නිසා මෙම ප්‍රමාදය සිදුවී ඇතැයි දැනගන්නට ඇත.






